Wednesday 14 October 2009

පිවිසීමට පෙර

මෙරට ප්රචලිත සිංහල ජන කවිය මගින් අපේ ජන ජීවිතය හාසම්භන්ධ

විවිධකාර අත්දැකීම් විදහාපායි.ජන කවිය මගින් ජනතාවගේඅභිප්රායන්

හා අාකල්පහා ඔවුන්ගේ පෞරුෂ ලක්ෂණද හෙළිදරව් වේ.

ජන කවියේ කතෘ අප්රකටය.ජන කවියක කිසි විටෙක කතෘ සදහන්

නොකරයි.ඒනම් අන්යාතය විශාල වචන ප්රමාණයකින් කිව යුතු

දෙයක් කෙටියෙන් කීමට ජන කවියා සමත්ය.ඒමෙන්ම අව්යාජ

කවි සිතුවිළි සරල බස් වහරකින් ඉදිරිපත් කිරීමට ජන කවියා සමත්ය.

විවිධ වෘත්තීන්හි යෙදෙන්නන්තම කාන්සිය,පාළුව,තනිකම,සරතැස,

දුක,සතුට,භය,අාදරය,අාලය ප්රකාශ කිරීම සදහා ජනකවි

ගායනා කළහ.

පාසල් සිසුන් සදහා ප්රයෝජනවත් ලෙස සිතන ජනකවි කොටසක්

මෙහි අැතුලත්කර අැත.මෙයට අමතරව තවත් කවි රාශියක්

ජනවහරේ අැතිබව සළකන්න.මෙවැන්නක්සකසන්නේ අප සංස්කෘතික

වශයෙන් ගත් කළ ඉතා වටිනාඒමෙන්ම විනාශවී යාමේ අවධානමක්

අැති ජනකවි තව දුරටත් අාරක්ෂාවීමටයි.ඒම නිසා මෙය කියවා මෙවැනි වටිනා

උරුම ඉදිරියටත් රැක දෙන මෙන් ඉල්ලා සිටිමි....!

සිංහල ජන වහරේ අැති ජන කවි පහත දැක්වේ.....

පැල් කවි

හේන් ගොවියෝ ගස් උඩ තනා ගත් පැලට වී තම කුඹුර හෝ

හේන මුර කළහ. වන සතුන්ගෙන් ෙබ්රා ගැනීමටය.නිදිමත දුරු කර ගැනීමටත්

සතුන් ඒලවා දැමීමටත් පැල් කවි ගායනා කළහ.

පෙර කාලේ තැනූ පැල දැන් දිරාලා

ඒම කලේ බැදපු වැට ගොනු කඩාලා

පැල් පතේ ගොයම් රෑ රැක බලාලා

නිදිමතේ කියමු පැල් කවි ගොතාලා

ලස්සන හිමවතේ මාවී පැසෙන්නේ

දුක් දෙන අලි අැතුන් පන්නා හරින්නේ

රැක්මෙන් දෙවියනේ වෙලබත බුදින්නේ

දුප්පත් කම නිසයි මම පැල් රකින්නේ

ඉර පායා ඉරමුදු නට ඒන්න ඒපා

සද පායා සද මුදුනට ඒන්න ඒපා

පැදී දියට බොරදිය ඒක් වන්න ඒපා

අම්මා නුති අපට බඩගිනි වෙන්න ඒපා

කරත්ත කවි

අතීතයේ බඩු ප්රවාහනය කරන ලද්දේ බර කරත්ත වලිනි

.ඒමකරත්ත කරුවන් ගමන් වෙහෙස හා පාළුව මකා ගැනීමට කවි ගායනා කලේය.ඒවා කරත්ත කවි ලෙස වෙන්කර පෙන්විය හැකිය.

තණ්ඩලේ දෙන්න දෙපලේ දක්කනවා

කටු කැලේ ගාලෙ නොලිහා වද දෙනවා

හපුතලේ කන්ද දැකලා බඩ දනවා

පව් කළ ගොෙනා් අැදපන් හපුතල් යනවා

කළු ගල් තලාලයි පාරට දමන්නේ

ඒම ගල් පෑගිලයි ගොන් කුර ගෙවන්නේ

ගොනා නොවෙයි හරකයි බර අදින්නේ

කිරි ගල් පොත්ත කන්දයි මේ නගින්නේ

බතට කන්ට බැරි බතලේ ගල කන්ද

අලට කන්ට බැරි අල ගල්ලේ කන්ද

හුනට කන්ට බැරි හුන්නස් ගිරි කන්ද

මේ කදු තුනට නායක සමනල කන්ද

පාරු කවි

මගීන් ප්‍රවාහනයටත් බඩුගෙන යාමටත්උරු පාරු අාදිය ගංගා

හා අැල මාර්ග ඔස්සේ ගමන් කළ කාලයක් විය. ඒකල මේ සී පද බිහිවූ

බව සිතිය හැක.

ඔන්න මලේ ඹය නා මල නෙළා වරෙන්

අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන්

කුළණි ගගේ ඔරු යනවා බලා වරෙන්

සාදු කාර දී ඔරුවක නැගී වරෙන්

ජලේ ගැඹුර දන්නේ කූනිස්සා

මලේ සුවද දන්නේ මී මැස්සා

කැලේ පළල දන්නේ අැත් වස්සා

මලේ ඔතන නොසිටින් උෟ පිස්සා

මං බාලේ අැති කල තලලගොයි පැටියා

මා තනියට මිදුෙල් පෙම් කෙළ සටියා

උගෙ මරුවා අැවිදින් උෟ අරන් ගියා

නිවන් පුරේ පලයන් තලෙගායි පැටියා

ඔන්චිලි වාරම්

ඔන්චිලි පැදීම ජනප්‍රිය ක්‍රීඩාවකි. සිංහල අවුරුදු සමයේදී බාල,

මහළු, තරුණ බේදයකින් තොරව ඔන්චිලි පැදීමට සහභාගී වෙති. ඔන්චිලි

වාරම් ගණයට අයත් ජනකවි කීපයක් මෙයට අැතුලත්ය.

ඔන්චිලි චිලි චිල්ල මලේ

වැල්ල දිගට නෙල්ලි කැලේ